මම නිශ්ශංක සේනාධිපති හමු වුණේ නැහැ – මහජන ආරක්ෂක ඇමැති

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තම අමාත්‍යාංශයේදී නිශ්ශංක සේනාධිපති මහතා හමුවූ බවට පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළේය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යවමින් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා කියා සිටියේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ නිශ්ශංක සේනාධිපති මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවූ බවට සමාජ මාධ්‍යවල ව්‍යාජ පුවත් පැතිර යන බවයි.

අමාත්‍යවරයා හෝ ඔහුගේ නියෝජිතයා කිසි විටෙකත් සේනාධිපති මහතා හමුවී නොමැති බවත්, ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු කර වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටි බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *