වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බවත් වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු බොහෝ අවස්ථාවල කොළඹට පැමිණෙන්නේ ගිලන් රථයක නැගී බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
මන්ත්‍රීවරයා රෝහල් බලධාරීන්ට කතාකර කොළඹට එන ගිලන් රථයක නැගී පැමිණෙන බව පැවසූ කතානායකවරයා තවත් මන්ත්‍රීවරුන් පොදු ප්‍රවාහන සේවයෙන් කොළඹට පැමිණෙන බවද ප්‍රකාශ කළේය.
මේ අතර තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙසටවූ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයාට මේ සතියේ බාර දෙන බවද ඔහු සඳහන් කළේය.
තමන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් සංදේශයක් බාරදෙමින් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.
එම ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය දැනටමත් පළවී ඇත.