මන්ත්‍රීවරුන් ඉල්ලූ රක්ෂණය දෙන්න කතානායක බෑ කියයි

මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය (10) වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති බොහෝ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ තමන් පළාත් සභාවල සිටින කාලයේදී පවා පවුල්වල සාමාජිකයන්ට රක්ෂණ ආවරණය ලබාදුන් බවයි.

එසේ හෙයින් තම පවුල් වල සාමාජිකයන්ට රක්ෂණ වාරිකය නොපමාව ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි එම මන්ත්‍රීවරුන් මෙහිදී ඉල්ලා ඈත.

මෙහිදී අදහස් දක්වා ඇති කතානායකවරයා ඇතුළු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මුදල් ප්‍රතිපාදන හිඟය හේතුවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මේ අවස්ථාවේදී දුෂ්කර බවයි.

ඒ අනුව එම කාරණය ඉදිරියේදී යළි සාකච්ඡා කිරීමටද එහිදී තීරණය කර ඇත.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකුට හිමිවන රක්ෂනාවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *