මධ්‍යම කඳුකරයේ මාර්ග කිහිපයකට පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයට ඉහළින් වු පස් කඳු කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩාවැටී ඇති බව අප වාර්තාකරු පවසයි.

ඒ හේතුවෙන් හැටන්-මහනුවර සහ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය තාවකාලිකව ඇනහිට ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රන්ජිත් අලහකෝන් මහතා පැවසිය.

ගිනිගත්හේන-නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩාවැටි ඇති බවත් කඩාවැටි ඇති පස් කඳු මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරින් විසින් ආරම්භකර ඇති බව පොලිසිය පැවසිය.

හැටන් ඔය පිටාර ගැලීමෙන් වටවල ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශවල පිහිටි නිවාස රැසක්ද ජලයෙන් යටවි ඇති බව වටවල පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *