මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ ( අදියර 03) වැඩ නතරකොට තිබු මාස 15ක කාලය තුලදි කාර්යමණ්ඩලය සදහා කාර්යාල දිමනා වශයෙන් රුපියල් මිලියන 21ක මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.
ව්‍යාපෘතියේ කිසිදු භෞතික ප්‍රගතියක් නොමැති වු මෙම කාලසිමාව තුල ව්‍යාපෘති දිමනා ගෙවා තිබිමි විගණනයට ද ගැටළුවක් වි තිබුණි.2022 අප්‍රේල් මස සිට 2023 ජුලි මස දක්වා මාස 15ක කාලය තුල මෙකි ව්‍යාපෘතියේ වැඩ නතරකොට තිබුණි.
මාස 15 ක කාලය තුල වැඩ නතරකොට තිබියදි කාර්යමණ්ඩල යෙදවිම සම්බන්දයෙන් උපදෙස් ලබා නොදුන් නිලධාරින් සම්බන්දයෙන් ආයතන සංග්‍රහය අනුව විනයානුකුලව කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
ව්‍යාපෘති වැඩ තාවකාලිකව නතර කිරිමට උපදෙස් ලබාදි තිබු කාලසිමාව තුල කාර්ය මණ්ඩලය සම්බන්දයෙන් ගතයුතු පියවර පිළිබද උපදෙස් ලබාදි නොතිබු තත්ත්වය තුල අමාත්‍යංශය මගින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරණු ලැබු බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.