සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම සංඛ්‍යාවෙන් කාර්යමණ්ඩල තොරතුරුවලට ඇතුළත් කර තිබුණේ තනතුරු පහක් පමණක් බව වාර්තාව සඳහන් කරයි.
මෙම සේවකයන් සේවයේ යොදවා තිබුණේ රුපියල් රුපියල් 27000ක පමණ දීමනාවක් යටතේ බව කියති.
අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින රෝහල් ආයතන හා අංශවලට අදාළ 2023 ජුනි 30 දිනට අනුමත සමස්ත කාර්ය මණ්ඩලය 95948ක් හා එදිනට තත කාර්ය මණ්ඩලය 81915 ක් විය.
ඒ අනුව සමස්ත කාර්ය මණ්ඩලයේ ඌණතාවය 14033ක් ලෙස පැවතුන බව වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාලව ඉදිරිපත් කර ඇති විගණන වාර්තාවේය.