මතුගම ප්‍රාදේශීය සභාවට තේරු පත් වූ මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට සහාය පළ කළහ.
නාරවිල සමිතවංශ හිමි සහ ස්වාධීන කණ්ඩායම් 1 කණ්ඩායම් නායක කසුන් නිරෝෂණ මුණසිංහ, විජිතා දර්ශනී කුමාරි ද සිල්වා, චමිලානි රුවන්දිකා යන පිරි එසේ සජබයට එක් වූහ.
සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අද(25) හමුවී ඔවුන් මෙලෙස සහයෝගය පළ තර ඇත.
මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.