මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇතිකර ඇති පීඩනය හේතුවෙන් වර්තමානයේ මත්ද්‍රව්‍ය ජවාරාම්කරුවන් සහ කණ්ඩායම් අතර දරුණු මතගැටුම් නිර්මාණය වී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් ඔවුන් අතර සිදු වන වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතනවල ද ඉහළ යාමක් මේ වන විට සිදු ව ඇති බවයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනුරාධපුරය අටමස්ථානය වැදපුදා ගැනීමෙන් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේ ය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සම්බන්ධයෙන් මාර්තු 15 වැනි දා සිට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර තිබේ.