‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති ඇප මත මුදාහරියි

නීතිය ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මහජන අප්‍රසාදයක් ඇති වන පරිදි හා වෛරයක් ඇති වන පරිදි අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත අද දහවල් ඇපමත මුදාහැර තිබෙනවා.

අසත්‍ය චෝදනා එල්ල  කිරීමට එරෙහි පසුගිය ජූනි 28 දා ඔහු අත්අඩංගුවට ගැනුණු අතර  අද (05) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *