කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවය.
ඒ අනුව එය බටහිරට බරව වයඹ දෙසට ගමන්කරමින් එළඹෙන 30 වනදා වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවද එහි දැක්වෙයි.
අනතුරුව එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවද කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මේ අනුව දකුණු අන්දමන් මුහුනද සහ ඊට යාබද ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා මෙම නිවේදනය පිළිබඳව සැළකිලිමත් වන ලෙසට කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.