නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්ව ඇති අතර පසුව එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
“එය ඉදිරි පැය කිහිපය තුළදී වයඹ දෙසට ගමන් කර ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක් දක්වා තීව්ර වී අද දින නැගෙනහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව” එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින ලදී.