බාලදක්ෂ ජම්බෝරිය ජනපති අතින් විවෘත වේ

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළේ ය.

මෙරට ප්‍රධාන බාලදක්ෂයා වශයෙන් ජනාධිපතිවරයා අද (21) පෙරවරුවේ  බාලදක්ෂ ජම්බෝරිය විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 28ක බාලදක්ෂයන් 11,500කගේ සහභාගිත්වයෙන් ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රිකුණාමලයේ දී පැවැත්වේ.

රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට සහාය ලබා දෙන බවත් ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යා හැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *