මැයි 06දා දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදි නිලධාරීන් මැතිවරණ රාජකාරී සදහා මුදා හැරීමට සිදුවන බැවින් 2025 මැයි 05 හා 06 දා දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
යම් වාහනයකට දඩ අය කිරීමකින් තොරව වාහන අදායම් බලපත්‍ර ලබාගත හැකි අවසාන දිනය මැයි 05 දා 06 දා වන අවස්ථාවලදි පළාත් පාලන මැතිවරණයෙන් පසු බලපත්‍ර රාජකාරි ආරම්භ කරන ප්‍රථම දිනයේදී එම වාහනයට දඩ මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන අදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.