පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය පවසයි.
ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරියේ නියුතු නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා සහභාගි වීම නිසා එසේ ආදායම් බලපත්‍ර කවුළු වසා තබන බවත් දඩ අයකිරීමෙන් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කරන අවසන් දිනය මැයි 5 සහ 6 දෙදින වන වාහනවලට මැතිවරණයෙන් පසුව රාජකාරී ආරම්භ කරන පළමු දිනයේදීම දඩ අයකිරීමෙන් තොරව බලපත්‍ර නිකුත් කරන බවත් එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කළේය.