බස් සහ ත්‍රීවිල් ගාස්තු අඩු කරන්න බැහැ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් අඩු කළේය.

එම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම සිය මිල ගණන්ද සංශෝධනය කර ඇති අතර සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබුණි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355කි.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් අඩු කෙරුණු අතර එහි නව මිල රුපියල් 317ක් වෙයි.

භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 202කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

කෙසේවෙතත් සයිනොපෙක් අලෙවි කරන  ඔටෝ ඩීසල් ලීටරයක මිල පවතින්නේ සිපෙට්කෝ සහ IOC ඉන්ධන මිලට වඩා රුපියල් 3ක් අඩුවෙනි.

ඉන්ධන මිල පහත දැමුවද බස් ගාස්තු අඩු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව පෞද්ගලික බස් සංගම් පෙන්වා දෙයි.

ලංකා ත්‍රීරෝද රථ සංගමය පවසන්නේ අඩු කළ ඉන්ධන මිල සහනය තම සේවාවන් සඳහා නොලැබීම හේතුවෙන් ගාස්තු අඩු නොකරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *