බස් ගාස්තු අඩු කිරීමට අමාත්‍යාංශයට බලයක් නැහැ – ඇමති බන්දුල

බස් ගාස්තු අඩු කිරීමට විෂය අමාත්‍යාංශයට බලයක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (2) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) පාර්ලිමේන්තුව විසින් පත් කර ඇති අතර කොමිසමට සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටින බව අමාත්‍යවරයා පැවසීය.

බස් ගාස්තු සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සූත්‍රයක් සකස් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එම සූත්‍රයට අනුව ඇමතිවරයාට කළ හැක්කේ බස් ගාස්තුව සකස් කර අනුමැතිය ලබා ගැනීමයි.

එම නිසා මහජනතාවට මෙම කරුණු පැහැදිලි කිරීමේදී ක්‍රියාත්මක කරන ආයතනය දැන ගැනීම වැදගත් වන බැවින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙවැනි වැදගත් කරුණු සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ මෙවැනි සාකච්ඡා මාලාවක් අඛණ්ඩව පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *