පොලිස් සමීප රූප අවේක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒ පාර්ලිමේන්තු අදාළ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.
ඒ අනුව එම නිවසේ සවිකර ඇති CCTV දර්ශන එම නිලධාරීන්ගේ වැඩි අවධානයකට යොමුකර ඇති බව වාර්තා වෙයි.
අදාළ දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයකින් පරීක්ෂණ සිදුකෙරේ.