බණ්ඩාරවෙල නගරය වසා දැමීමට තීරණය කර තිබේ.
ප්‍රදේශයේ පැතිර යන කොවිඩ් අවදානම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය පවසයි.
අද දින සිට දින 06ක කාලයක් නගරයේ සියලු වෙළෙඳසැල් ඒ් අනුව වසා තැබෙනු ඇත.
යළි එළඹෙන 23 වනදා වෙළෙඳසැල් විවෘත කිරීමට පියවර ගන්නා බව බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය සඳහන් කළේය.
බදුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල සියලු වෙළෙඳසැල් ද හෙට සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.
මේ අතර සීඝ්‍රයෙන් ව්‍යාප්තවන කොවිඩ් -19 තත්ත්වය හමුවේ අම්බලන්ගොඩ සහ රත්නපුර නගරයේ වෙළෙඳසැල් වසාදමා එම නගර තුළ සංචරණය සීමා කිරීමට වෙළෙඳසැල්හිමියන් ඊයේ කටයුතු කෙරිණි.