batalanda

බටලන්ද ඝාතන හොයන්න නීතිපතිගෙන් කමිටුවක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට සිවු පුද්ගල කමිටුවක් නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් පත් කරනු ලැබ ඇත.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජයනි වෑගඩපොළ සහ රජයේ නීතිඥ ශක්ති ජාගොඩාරච්චි යන මහත්ම මහත්මිහු කටයුතු කරති.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සාක්ෂිවලින් අධි චෝදනා ගොනු කළ හැකිදැයි කරුණු අධ්‍යයනය කිරීම මෙම කමිටුවට පැවරෙන වගකීමයි.

තවදුරටත් විමර්ශන කළ යුතු කරුණු වේ නම් ඒවා හඳුනාගැනීමට කමිටුවට පවරා ඇති බව දැනගන්නට ඇත .

බටලන්ද කොමිෂන් සභාව වාර්තාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයාට පසුගියදා යොමු කරනු ලැබීය.

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේදී අසූ අට අනූව කාල සීමාවේදී සිදුවී ඇතැයි පැවසෙන වද බන්ධන සහ ඝාතන සම්බන්ධ කරුණු මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට ඇතුළත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *