පැයක් ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස “වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ” ව්‍යාපාර කළ දැනුම්දීම පිළිගනිමින් බංග්ලාදේශ අග විනිසුරු ඔබයිදුල් හසාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.
නව අන්තර්වාර රජයේ උපදෙස් නොමැතිව අග විනිසුරුවරයා සියලු විනිසුරුවන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පවත්වා ඇති අතර එය දැනගත් “වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ” ව්‍යාපාරය ප්රමුඛ විරෝධතාකරුවන් සිය ගණනක් ශ්‍රේෂ්ඨාධිකරණය වටලා සියලුම විනිසුරුවන්ට ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දී ඇත.
එම අවස්ථාවේදී අග විනිසුරු ඔබයිදුල් හසාන්ට වහාම ධුරයෙන් ඉවත්වන ලෙස විරෝධතාකරුවන් දැනුම් දී ඇති අතර එම අවස්ථාවේදී අග විනිසුරුවරයා එම ස්ථානයෙන් පලා ගොස් ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය. විනිසුරුවරුන් කුමන්ත්‍රණයක් කරන බව විරෝධතාකරුවන් චෝදනා කර ඇත.