බංකොලොත් රටක දුප්පත්කම අලුත් දෙයක් නොවේ – බන්දුල ගුණවර්ධන

බංකොලොත්වූ රටක දුප්පත්කම අළුත් දෙයක් නොවෙ යැයි ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස්  කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ද අමාත්‍යවරයා කීය.

මෙරට දුප්පත්කම ඉහළ ගොස් ඇති බවට විවිධ වාර්තා පල වුවත්, ආර්ථික වර්ධනය සෘණ 8ක් වූ සහ මුළුමණින්ම බංකොළොත් භාවයට පත්වූ රටක එය අළුත් දෙයක් නොවන බව පෙන්වා දුන් අමත්‍යවරයා සමෘද්ධිය සඳහා වෙන්කළ මුදල මෙන් තුන් ගුණයක මුදලක් වෙන්කර අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක  කර තිබෙන්නේ එම දුප්පත්කමට ඔරොත්තු දිය හැකි සමාජ ආරක්ෂණයක් ඇති කිරීමට බව ද සඳහන් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීවෙි  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *