පෝලිම් වල මිනිස්සු ගෙදර ගියේ රනිල් රට ගිය නිසා

පෝලිම් වල හිටපු මිනිසුන්ට ගෙවල් වලට යන්නට හැකියාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 25 වතාවක් රට ගොස් ජාත්‍යන්තර සහාය ගෙන ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාදුන් නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති  වජිර අබේවර්ධන මහතා පැවසීය.

රනිල් 25 වතාවක් රට ගියා යැයි ආණ්ඩුවේ උදවිය කරන චෝදනා විහිළු සහගත බව කී අබේවර්ධන මහතා රනිල් එලෙස රට නොගියා නම් අද චෝදනා නගන අය ඇතුළු මුළු රටම තාමත් පෝලිම් වල බව සඳහන් කළේය.

රනිල් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රට ඔසවා තැබීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස වී කටයුතු කළ නමුත් ඒ දේවල් තැන් තැන් වල කීමට කාලය වැය නොකළ බව අබේවර්ධන මහතා සඳහන් කළේය.

ගාල්ල හිනිදුම මැතිවරණ කොට්ඨාශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *