පෝනා සමග කුඩු බෙදූ නෝනා

පොලිසියට වෙඩි තැබීමට උත්සාහ දැරීමේදී පොලිස් වෙඩි ප්‍රහාර මධ්‍යයේ පලායාමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පෝනාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව පොල්ගස්ඕවිට හල්පිට පාසල් මාවතේ නිවසක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50 කට අධික විවිධ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි

එම නිවසේ හිමිකාරිය වන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන “කළුබෝවිල සුදු නෝනා” නැමැත්තිය හා ගරාජ් හිමියකුද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි

එම නිවස තුළ තිබී රුපියල් ලක්ෂ 16 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 42 ක් රුපියල් 5000/= ක මිලකට අලෙවි කරන අයිස් මත්ද්‍රව්‍ය පැකට් 53 ක් කේරල ගංජා කිලෝ 2 කට ආසන්න ප්‍රමාණයක් ,මත්පෙති තොගයක් , විද්‍යුත් තරාදියක් හා ඇසුරුම් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත

අතුරුගිරිය බෝපේ බක්මී ගහපාර පදිංචි හෙට්ටිආරච්චිගේ සහන් ධනංජය හෙට්ටිආරච්චි නොහොත් පෝනා නැමැත්තා මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ඉකුත් 4 වෙනිදින අතුරුගිරිය පොලිසියට ලද තොරතුරකට අනුව පිළියන්දල පොලිස් වසමේ සිකුරාදා පොළ හන්දියේදී රැකවල්ලා සිට මෝටර් රථය නැවතීමත් සමගම පොලිස් නිලධාරීන්ට ගිනි අවියක් එල්ල කර ඇති අතර පොලිස් නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී කිරීමේ පලා ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *