පොහොට්ටුවේ 21කට තෑග්ගක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන්    මාසිකව රුපියල් ලක්ෂ   දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පක්ෂ  ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

එම පක්ෂයේම ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමෙන් මෙම  දීමනා ගෙවීම සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස දීමනා ලබන  පිරිසේ මන්ත්‍රීවරියන්ද දෙදෙනකු සිටින බව දැනගන්නට ඇත. ආණ්ඩුවේ කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා මෙම දීමනාව ගෙවීම කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි තොරතුරක්  තමාටද  ලැබී ඇති හෙයින් ඒ ගැන කරුණු සොයා බලාගෙන   යන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *