’පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ පෝස්ටරය කැලෑ පෝස්ටරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂයා පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

තමන් පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු ලෙස වගකීමෙන් එය ප්‍රකාශ කරන බවත්, මේ වන විට රට පුරා අලවා ඇති පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් පෝස්ටරය ‘කැලෑ පෝස්ටරයක්’ බවත් හෙතෙම සඳහන් කළේය.

අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය. පොහොට්ටුවේ සහාය දිනන අපේක්ෂකයාට බව ද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *