ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ කැම්බල් පිටියේදී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
මුලින්ම පැමිණෙන්නේ ජනාධිපතිවරණයද මහ මැතිවරණයද යන්න තවමත් තීරණය කර නැති බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.