පොහොට්ටු අපේක්ෂයාට නාමල්ගෙන් කොන්දේසි

තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

තවද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා දැන් වෙනම ගොස් සිටින අය සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.

පොහොට්ටුව සමග ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාගේ කදවුරේ සිටින කොටසක් පවසන බව කී රාජපක්ෂ මහතා එසේනම් පොහොට්ටුව අතහැර එම කණ්ඩායමට යා හැකි බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *