පොලිස් නිළධාරියෙක් වෙඩි තබා ගනී

පොලිස් විශේෂ කාර්යය බළකායට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් සිය සේවා ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි හානිකරගෙන තිබේ.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේ පිහිටි විශේෂ කාර්යය බළකා කඳවුරේ දී අදාළ නිලධාරියා විසින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔහු මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

අදාළ නිලධාරියා සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *