අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර නා හිමිගේ දේහයට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.
උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂුන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය සහ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි සමඟ කෙටි සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා ආදාහන පූජෝත්සවයේ කටයුතු ද සොයා බැලීය.