බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රඳවා සිටින. විශේෂ ගණයේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නමැත්තා රඳවා සිටින විශේෂ සිරකුටිය පිටුපස කඩා විනාශ කරන ලද ජංගම දුරකථනයක්, සහ දුරකථන උපාංග කොටස් සඟවා තිබියදී සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සොයාගත් උපාංග අතර බැටරි චාජරයක්, හැන්ඩි ෆ්රි එකක් , ඩේටා කේබල් දෙකක් තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රාජකාරිය යොදවා සිටින විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක්. විශේෂ ගණයේ සිර කුටි රැසක් පරීක්ෂාවට ලක් කිරීමේදී ඉහත සිරකුටිය පිටුපස. මෙම තහනම් භාණ්ඩ සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් උපකරණ බන්ධනගාර පාලන අධිකාරිය වෙත භාරදී ඇත