පෙබරවාරි මුල් සති දෙකේදී සංචාරකයින් ලක්ෂයක්

මේ මාසයේ මුල් සති දෙකේදී මෙරටට සංචාරකයින් ලක්ෂයට වැඩි පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 115, 328 කි. ගෙවුණු දිනයන් අතර පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයින්ගේ දිනයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 9443 කි. එය ගෙවී ගිය දිනයන් අතර පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව බවට වාර්තා වේ.

ගෙවී ගිය සති 15 කාලයේදී සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.

එම සංඛ්‍යාව 16,701 ක් ලෙස දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *