පෙට්‍රල් – සුපිරි ඩීසල් මිල බස්සයි

පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) ඊයේ රාත්‍රී නිවේදනය කළේය.

මෙම මිල පහත දැමීම ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාව කීය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ද, පහළ දැමූ බවත් ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පැවති මිලේම තව දුරටත් පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 379 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 355 ක් බව ද එම සංස්ථාව සඳහන් කළේය.

ලංකා දුසු ඩීසල් ලීටරයක මිල රුපියල් 317 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 ක් ලෙස තව දුරටත් පවතින බව ඛනංජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *