පුංචි ඡන්දේ ඉක්මන් කරන්නැයි නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි  නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ   සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි  තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය  පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි මැතිවරණ කොමිසමට නියම කළේය.

ඉකුත් වසරේ මාර්තු 9 වැනි දින පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *