‘පැය 24ම බදු ගැසීමෙන් රටේ ප්‍රශ්ණ විසඳන්න බෑ‘ – සජිත්

රටේ නිෂ්පාදකයාට, පාරිභෝගිකයාට, ආදායමට පවා බදු අය කරන බවත් රටේ ප්‍රශ්නවලට විසඳුම පැය 24ම බදු ගැසීම නොවන බවත්  – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආර්තික අර්බුදයෙන් රට ගොඩනැගීමට බදු වෙනුවට විකල්ප රාශියක් ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ආර්ථිකය වර්ධනය කරන්න රජයට වැඩපිළිවෙළක් නොමැති නිසා බදු ගසන බවත් ඔවුන්ට ඇත්තේ ආර්ථිකය සංකෝචනය කරන වැඩපිළිවෙළක් බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

අනුරාධපුර කැකිරාව මුස්ලිම් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 199 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *