පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ ජන රැළියේ දී  පැවසීය.

වවුනතිව්හි පොලිස් නිලධාරීන් ඝාතනය කළ ස්ථානයට ජැකට් එකක් ගෙන ගොස් දැමුවේ කවුද? සහ එෆ්.බී.අයි එකෙන් දුන් එමි අංකයට අදාළ දුරකථනය කාගේද?යන ප්‍රශ්න දෙකට පිළිතුරු සොයාගෙන තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සියලු ප්‍රශ්න ක්‍රම ක්‍රමයෙන් ලෙස ලිහමින් සිටින බව කී ජනාධිපතිවරයා කොච්චර පරණ වුනත්  විමර්ශන හරියට කරන බවට  ප්‍රතිඥා දෙන බව අවධාරණය කළේය.

“පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් ගත වී තිබෙනවා. එම කාලයෙන් පහ මාරක්ම ගත වුනේ විමර්ශන වසන් කරන්න. සාක්ෂි යටපත් කරන්න සහ පරීක්ෂණයේ දිශාව වෙනස් කරන්න උත්සාහ කළා.

සැබැවින්ම පරීක්ෂණයට යා යුතු තැන් අත්හරින්න උත්සාහ කළා.පරීක්ෂණ දියත් වුනේ මෙහෙම තමයි. දැන් නැවත ඒ විමර්ශන සක්‍රීය කොට තිබෙනවා. ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *