පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මෙරට ISIS ප්‍රධානියෙක් ඔස්ටේ‍්‍රලියාවේදී කොටුවෙයි

පාස්කු ප‍්‍රහාරයට පෙර ඔස්ටේ‍්‍රලියාවට පැනගොස් සිටි එම ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ISIS ප්‍රධානියා ඔස්ටේ‍්‍රලියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්‍ෂක ආරංචි මාර්ග පවසන්නේ මේ වනවිට ඔස්ටේ‍්‍රලියානු සිරගෙයක සිටින මොහු මෙරටට එවන ලෙස ඔස්ටේ‍්‍රලියානු රජයෙන් ඉල්ලීමක් කරන බවයි.

ඉකුත් වර්ෂයේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප‍්‍රහාරයට ISIS ත‍්‍රස්ත සංවිධානය සම්බන්ධ බවට සාක්‍ෂි හෙළිවී නොතිබුණු අතර, මේ වන විට මෙම ISIS ප්‍රධානියාගේ අනන්‍යතාව හෙළිවී තිබෙන බවද බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *