පාර්ලිමේන්තුවේදී අනුර මහින්දට ප්‍රශංසා කළා: අපිට පුද්ගලික තරහක් නෑ: නාමල්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශංසා කළ බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේ තමන්ට ප්‍රතිපත්තිමය කාරණා හැර වෙනත් කිසිවකු සමඟ පුද්ගලික තරහක් නොමැති බවයි.

ඔවුන් අතර ඇත්තේ දේශපාලන මතභේද පමණක් බවයි ඔහු මැතිවරණ කොමිසම වෙත පැමිණිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ.

“අනුර කුමාරයි අපියි හතුරන් කියලා ඔබලා හැමෝම විශ්වාස කළා. පසුගිය දා පාර්ලිමේන්තුවේදී අනුර කුමාර මහින්ද රාජපක්ෂ මහතා ගැන ප්‍රශංසා කළා. අපිට ප්‍රතිපත්තිමය කාරණා හැර පුද්ගලික තරහක් නැහැ,” ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *