ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කර ඇත. ජනවාරි 27 වැනිදා පානදුර ප්‍රදේශයෙන් වාර්තා වූ වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සිටින ස්ථානය පිළිබඳ නිවැරදි තොරතුරු සපයන්නන්ට මිලියන 01ක්.
යතුරුපැදි දෙකකින් පැමිණි සැකකරුවන් 4 දෙනෙකු පානදුර මූලික රෝහල අසලදී ගිලන් රථයක රියදුරුට වෙඩි තැබීමට උත්සහ කර ඇති අතර ගිනි අවිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් වෙඩි තැබීම සිදු කිරීමට නොහැකි වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර පෞද්ගලික විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් දෙදෙනෙකුගේ අනන්‍යතාව සොයා ගෙන තිබුණා.
සැකකරුවන් දෙදෙනා සිටින ස්ථානය හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා ඇති අතර ඒ සඳහා මුදල් ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
සැකකරුවන් සිටින ස්ථාන පිළිබඳ තොරතුරු දන්නේ නම් ක්ෂණික ඇමතුම් අංක 071 8592686 හෝ 071 8592745 ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලා ඇත.