tiran

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රටට බරක් – ටිරාන් අලස්

යුක්තිය මෙහෙයුමට ජාත්‍යන්තරය බලපෑම් කළත් එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරයි.

මීගමුව කොට්ඨාස ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා,

“යුනිෆෝම් ඇඳන් ඉන්නවා නම් කවුරුහරි ගැහුවොත් ගහන්න ඕන. නැත්නම් යුනිෆෝම් එකෙන් වැඩක් නැහැ. දැඩි තීරණ ගන්න වුණා. ඒ හයිය මම දුන්නේ ජනපති මට හයිය දුන් නිසයි. යුක්තිය අරඹා මේ රට සුද්ද කරන්න හිතුවා.යූටියුබ්කාරයෝ ඉන්නවා කුඩ්ඩොන්ගේ සල්ලිවලින් ජීවත්වන. ඔවුන්ව දාලා අපිට පහරදෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය යුක්තිය නවත්වන්න කිව්වා. අපේ රටේ අපි ක්‍රියාත්මක වන්නේ අපිට ඕන විදියට ජාත්‍යන්තරයට ඕන විදියට මම වැඩ කරන්නේ නැහැ.”

“පාතාලයේ නඩුවලට කතා කරන නීතිඥයෝ ඉන්නවා. පාතලයෙන් මිලියන ගණන් හොයනවා. කොහොමහරි දේශබන්දුව මෙතැනින් අයින් කරලා දීපන් කියනවා.  ටිරාන් අලස්ව නැති කරලා දෙන්න කියනවා. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ තියන්න බැහැ. ඔවුන් මේ රටට බරක්.”

“පාස්කු ප්‍රහාරය ගැන කතා වෙනවා… ජනපති අවසර දුන්න පාස්කු රිපෝට් එක දෙන්න. කොටස් කිහිපයක් එළියට දෙන්න එපා කියලා තිබුණා. ඒ සියල්ල කතෝලික සභාවට දුන්නා. පොලීසිය ළඟ නැති තොරතුරු කාදිනල් හිමි සතුව ඇති. ප්‍රහාරයට සම්බන්ධ ලොක්කෙක් ඉන්නවා නම්. මොන ලොක්කා වුණත් මම ඔහුට එරෙහිව ක්‍රියා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *