‘‘පාතහේවාහැට රජයේ ඉඩම් කොල්ල කනවා‘‘ – මන්ත්‍රි ජගත් මනුවර්ණ

මහනුවර පාතහේවාහැට ප්‍රදේශයේ ඇති රජයට අයත් වතු පහක අයත් ඉඩම් රැසක් විවිධ පුද්ගලයන් සහ සමාගම්  අත්පත් කරගෙන යන මහා ඉඩම් කොල්ලයක් සිදුවන බව මහනුවර ජාතික ජනබලවේග මන්ත්‍රි ජගත් මනුවර්ණ මහතා පැවැසීය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

මෙම රජයේ ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විගණන පරීක්ෂණයක් කරන්නැයි මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය ,රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඉඩම් ප්‍රතිංස්කරණ කොමිෂන් සභාව යන ආයතනවලට අයත් ඉඩම් කාටද දුන්නේ කොහොමද දෙන්නේ කියල වහා සොයා බැලිය යුතුයි.

රත්නපුර පළාතේ කෙනකුට අක්කර 20 ක පමණ ඉඩමක් දීනා. මේ ඉඩම් කොහොමද දෙන්නේ ? රජයට අයත් තවත් අක්කර 22 ක් තවත් පුද්ගලයකුට ලබාදී තිබෙනවා. මෙම රජයේ ඉඩම් කොල්ලය වහාම සොයා බලා කඩිනම් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *