ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වීමට තීරණය කර තිබේ.
ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වී නැවත එම පක්ෂයට එකතුවීමට නියමිතය.
‘චොකා මල්ලි’ ලෙස ප්‍රසිද්ධියක් උසුලන ප්‍රේමලාල් ජයසේකර මහතා පොහොට්ටුවේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන බව ඒ මහතාගේ ප්‍රකාශකයෙක් අද පස්වරුවේ පැවසීය.