ප්‍රජා කමිටු ගැන දයාසිරිගෙන් චෝදනාවක්

වහල තියෙන පළාත් පාලන ආයතනවල දොරවල් හෙමින් සීරුවේ  විවෘත කිරීමට ආණ්ඩුව ප්‍රජා කමිටු හරහා උත්සාහ දරන බව කුරුණෑගල දිස්ත්‍රික්  මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී අගමැතිවරයාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි. ප්‍රජා කමිටු පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කිරීමට නියෝග ලබාදී ඇතැයිද  ඔහු සඳහන් කළේය

දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.

වහල තියෙන පළාත් පාලන ආයතන වල දොර අරින්න තමයි මේ යන්නේ. මේවට දාන්න යන්නේ ඡන්දය ඉල්ලන අපේක්ෂක අය. පළාත් පාලන ඡන්ද විමසීම තියන්න. තියලා ඉවර කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *