පළා ගිය කොල්ලකරුට මාරාන්තික දඬුවමක්

කාන්තාවකගේ ගෙල බැදි රන්මාලයක් කොල්ලකා පළායමින් සිටි පුද්ගලයෙකුව පිරිසක් විසින් අල්ලා පොලීසියට භාරදීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ අදාළ සැකකරුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එලෙස මියගොස් ඇති බව පානදුර දකුණ පොලීසිය පැවසු බවය.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර පිංවල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය පැවසීය.

මියගොස් ඇති තැනැත්තා පානදුර නගර මධ්‍යයේදී කාන්තාවකගේ ගෙල බැදි රන්මාලයක් කොල්ලකා පළා යන අවස්ථාවේ, ඒ අවට සිටි පිරිසක් ඔහුව අල්ලා ගෙන ඇති අතර ඔහු මෙල්ල කීරීමට දැඩි උත්සහායක් ගෙන ඇත.  ‌‌

අපහසුවෙන් සිටී සැකකරුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *