පරාටේ නීතිය බලාත්මක වීමෙන් ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට – විපක්ෂ නායක

පරාටේ නීතිය ජුනි 30 වැනි දා මැදියම් රැයෙන් බලාත්මක වීමෙන් ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

තවදුරටත් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මංමුලා නොකර ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් – විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පරාටේ නීතිය නැවත සක්‍රීය වීම නිසා අසරණ වන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් කොළඹ විපක්ෂනායක කාර්්‍යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *