රට සහ ජනතාව දුෂ්කර අවස්ථාවලින් මුදාගැනීමට සෑමවිටම තමන් ඉදිරිපත් වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රට අර්බුදකාරී තත්වයකට මුහුණපා සිටින මේ අවස්ථාවේ ද අතීතයේ මෙන්ම අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට සූදානම් බවත් ත්‍රස්තවාදය පරාජය කිරීමේ කාර්යයේදී සක්‍රිය දායකත්වයක් සපයා, කළ නොහැකියැයි විශ්වාස කළ ක්‍රියාවලියක් ජයග්රහණයෙන් අවසන් කිරීමට මැදිහත් වූ බවත් රණවක මහතා කීය.
‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණේ වැඩපිළිවෙල කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී (14) එළිදැක්වීම වෙනුවෙන් පැවති උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එසේ පැවසීය.