අපරාධයකින් අත් පත් කරගත් දේපොළ විදෙස් රටක තිබුණත් එය නැවත ලබා ගැනීමට හැකි ප්‍රතිපාදන අපරාධයකින් අත් පත් කරගත් දේපොළ පිළිබඳ පනත් කෙටුම්පත යටතේ හැකියාව ලැබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අපරාධ කරුවන්ගේ දේශයක් වූ රටේ අල්ලස දූෂණය වංචාව ඉතා බහුල වී තිබුණා.මෙවැනි සාධනීය පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට වටපිටාව සකස් කිරීම ගැන ස්තුති කළ යුතුයි.පසුගිය කාලේ රාජ්‍ය මුදල් අවභාවිතා රාශියක් වාර්තා වුණා.මේවා විමර්ශන තුළින් හෙළිකර ගැනීම පහසු වුණේ නැහැ. මේ පනත තුළින් ඒ බාධා ඉවත් කර ගැනීමට හැකියාව ලැබුණා.
අපරාධයකින් උත්පාදිත දේපොළ යළි අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීම ඇතුළු නෛතික තත්ත්වයන් මේ පනත් කෙටුම්පතේ සඳහන්ව තිබෙනවා.
පනත් රැසක තිබෙන ඌන නෛතික තත්ත්ව මගහරවා ගැනීමට මේ පනතින් ඉඩකඩ ලැබී තිබෙනවා.ඉදිරියේදී කඩිනම් විමර්ශන මෙන්ම නඩු පැවරීම් වලට මේ පනතින් ඉඩ කඩ ලැබෙනවා. යමකු අනීතිකව උපයා ගත් දේපොළ වින්දිත පාර්ශවයට ලබාදීම රජයක යුතුකමක්.