පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු හිටපු යුදහමුදා ලොක්කෙක්?

අපෙ ජන බලපක්ෂයේ  සභාපති සමන් පෙරේරා ඇතුලු පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු  යුද හමුදාවේ කලක් මේජර්වරයකු සේවය කර ඇති බවට   අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කොස්ගොඩ සුජීගේ ගෝලයකු වන නාවික හමුදාවේ සේවය කර දැනට ඩුබායි රැදී සිටින පුද්ගලයකු‌ගේ උපදෙස් මත මෙම හිටපු යුද හමුදා මේජර්වරයා මොටර් රථයකින් වෙඩික්කරුවන් දෙදෙනා  අදාල ස්ථානයන්ට රැගෙන යමින් මෙම ඝාතනය සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති  බව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය  බළකාය කියයි. වෙඩික්කරුවන්ගෙන් එක් අයකු හිටපු නාවික සෙබළකු බවට ද හඳුනාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *