නුවරඑළියේදී කොටුවූ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නුවරඑළිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහනවිටගේ දොන් නන්දසේන නමැති සැකකරුවෙකි.

ඔහු සිය අනියම් බිරිඳ සමග නුවරඑළිය ප්‍රදේශයේ සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

ඉන්දියාවේ කලක් සැඟව සිටි සැකකරු මෙරටට පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

පසුගියදා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09ක ප්‍රමාණය ද සැකකරු විසින් මෙරටට ගෙන්වා ඇති බවට සැකපළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *