පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2007.07.11 වන දින නිකුත් කරන ලද 1505/15 අංක දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක්, යන භාණ්ඩ ආනයනයේදී ඒවා දිවයිනට ඇතුලු වන ස්ථානයේ දීම එම භාණ්ඩ මත උපරිම සිල්ලර මිල (Maximum Retail Price) සහ ආනයනකරු ගේ තොරතුරු පැහැදිලිව සඳහන් කර තිබිය යුතුය.
මෙම නීත්‍යානුකූල ක්‍රමවේදය යටතේ උක්ත නිෂ්පාදන ආනයනයේ දී රජය විසින් නියමිත බදු මුදල්ද අයකර ගනු ලබයි.
නමුත් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන විශේෂයෙන්ම චොක්ලට් වැනි නිෂ්පාදන පිටකොටුව වෙළඳ පොළේ දැකිය හැකි අතර ඒවා මෙරට වෙළඳපොළට ඇතුළුවී ඇත්තේ නියමිත බදු මුදල් ගෙවීමකින් තොරව බව අනාවරණය වී ඇත.
මේ පිළිබඳව ක්‍රියාත්මක වූ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය වැටලීම් ඒකකය 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරිය පනතට යටත්ව, අප්‍රේල් මස 11 වන දින කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වෙළඳ ආයතන සහ ආනයනික සමාගම් කීපයකට නීත්‍යානුකූලව කටයුතු සිදුකොට ඇති අතර ඉදිරියේ දී මේ සම්බන්ධව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරීමට නියමිතව ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ක්‍රියාත්මක බව පාරිභෝගික අධිකාරි කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් වාර්තා වේ.