නීතිපති අනුමැතිය නැතුව අමරකීර්ති ඝාතකයන්ට ඇප දීලා

ගාලු මුවදොර අරගල පැවති සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂකයා වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 37 දෙනකුට ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ඇප ලබා දී ඇත්තේ නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජානක බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙසේ දැනුම් දුන්නේ නීතිපති විසින් ගොනුකොට තිබූ අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨා ධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

පසුගිය වසරේ ජූලි 28 වැනි දින මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ ත්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුකරය සම්බන්ධයෙන් සැකකරුවන් 37 දෙනෙකුට ඇපැ ලබාදීමට එරෙහිව මෙම අභියාචන පෙත්සම නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරනු ලෑබ ඇත.

මෙම අභියාචන පෙත්සම ජූලි9 දින සලකා බැලීමටද දින නියම කෙරිණි.

අභියාචන පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජානක බණ්ඩාර මහතා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *